
එක්සත් ජනපදයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන් එක්ව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්පට් එරෙහිව අද (11) දිනයේදි විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. එහි නියෝජිත ටෙඩ් ලියු පසුගිය සෙනසුරාදා ට්විටර් පණිවුඩයක් තබමින් මේ බව පවසා ඇත.
ඒ අනුව ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කෙරෙන මෙම විශ්වාසභංග ලියවිල්ල සදහා 180දෙනෙකුට ආසන්න නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සභිකයන් පක්ෂව
එසේම එක්සත් ජනපද ව්‍යවස්ථාවේ 25 වැනි සංශෝධනයේ ඇතුළත් ආකාරයට නිල රාජකාරිවලින් ඉවත් කළ නොහැකි ජනපතිවරයෙකු ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන නීතියද ක්‍රියාත්මක කරන බවත් අවධාරණය කර තිබේ.
මෙය ට්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත් වන දෙවැනි විශ්වාසභංගය වන අතර, 2019 දෙසැම්බර් මාසයේදීද ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කෙරිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval