
බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහරැජින සහ ඇගේ ස්වාමියා වන පිලිප් කුමරුන් පසුගිය සෙනසුරාදා දිනයේදී COVID-19 එන්නත් විදගත් බව බකිංහැම් මාලිගය උපුටා දක්වන එරට මාධ්‍ය පවසයි. රැජින මේ වනවිට 94 හැවිරිදි වියේ පසුවන අතර පිලිප් කුමරුන් 99 හැවිරිදි වියේ පසුවෙයි. මෙහිදී වින්ඩ්සර් මන්දිරයේ සිටින රාජකීය වෛද්‍යවරයෙකු විසින් ඔවුන් දෙපළ වෙත මෙම එන්නත් ලබාදීම සිදුව තිබේ.
බ්‍රිතාන්‍ය තුළ ක්‍රියාත්මක COVID-19 එන්නත්කරණ වැඩසටහන යටතේ මේ දක්වා ලක්ෂ 15ක පිරිසකට එන්නත ලබා දී තිබේ. මෙය එරට ඉතිහාසය තුළ ක්‍රියාත්මක විශාලතම ප්‍රතිශක්තිකරණ වැඩසටහන ලෙස සැලකෙන අතර වැඩිහිටියන්, ඔවුන් රැකබලාගන්නන් සහ සෞඛ්‍ය සේවකයන් වෙත මෙම වැඩසහනේ ප්‍රමුඛතාව හිමිව ඇත.
මේ අතර, වතිකානුවේ පළමු වැනි ෆ්‍රැන්සිස් පාප්වහන්සේද මේ සතියේදී සිය COVID-19 එන්නත විද ගැනීමට සූදානමින් සිටින බවත් සඳහන් වෙයි. ඉන් අනතුරුව වතිකානුව තුළ මෙම එන්නත්කරණය ඇරඹීමට නියමිතව ඇති බවත් පැවසෙයි. එහිදී පාප්තුමන් ජනතාවට මෙම එන්නත ලබාගන්නා ලෙස ඉල්ලීමක්ද සිදුකර සිටියි. ඒ අනුව මෙම COVID-19 එන්නත්කරණයට සහභාගි වන ලොව මුල් පෙළේ පිළිගත් චරිත දෙක බවටද දෙවැනි එලිසබෙත් මහ රැජින සහ ෆ්‍රැන්සිස් පාප්තුමා පත්වන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval