
සිය නිවසේ උපන්දින සාදයක් පැවැත් වූ කොවිඩ් ආසාදිත බන්ධනාගාර නියාමකවරියගේ දියණියන් තිදෙනාට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ඊයේ (10) තහවුරු වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පැවසීය.
අනෙක් පිරිසට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බව පී.සී.ආර්. පරික්ෂණ වාර්තවලින් තහවුරු වී ඇත. කොරෝනා ආසාදිතයන් තිදෙනා කරන්දෙණිය කොරෝනා වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමුකිරීමට කටයුතු කරන බව ද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා සඳහන් කළේය.
-ජේ.කේ.එල්. චාමින්ද-
Comments
Post a Comment
Your comment will be visible after approval