තම මව්පියන්ට නිදි පෙති පෙවෙන්නට සලස්වා රාත්‍රියේ කල් ඇතිව තදට නින්දයාමෙන් පසු නිවසට තරුණයෙකු ගෙන්වාගෙන අඹුසැමි හැසිරීම්හි නිරතවූ බව කියන පාසල් දැරියක සම්බන්ධ සිද්ධියක් අතුරුගිරියෙන් වාර්තා විය.
මේ කියන පහළොස් හැවිරිදි පාසල් දැරිය රවටාගෙන ඇති ඇයගේ පෙම්වතා කියන පුද්ගලයා වසර දෙකක පමණක් කාලයක් තිස්සේ දැරියට උපත් පාලන පෙති ලබාගෙන ඔහු සමග අඹුසැමි හැසිරීමෙහි නිරතවන්නට පොළඹවාගෙන තිබූ බව පොලිසිය කළ පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත.


මේ දෙන්නා අතර සම්බන්ධය ඇතිව තිබෙන්නේ දැරියට වයස 13 දීය. ඇයට ටියුෂන් පංති පමාවීමක් වෙතොත් නිවසට දන්වන්න යයි වැඩිහිටියන් මිලට ගෙන දුන් ජංගම දුරකථනය ඔස්සේ මෙම සම්බන්ධය වර්ධනය වී ඇත.
පණිවිඩ හුවමාරු හරහා ඇයට වරින්වර වීඩියෝ ක්ලිප් එවා ඇති මෙම පුද්ගලයා ඇතැම් අවස්ථාවල වැඩිහිටියන්ට සීමාවූ අසභ්‍ය දර්ශනද ඇයට නරඹන්නට එවා ඇති අතර ඒවා නරඹා ඇය තුළ ශෘංගාරාත්සක හැඟීම් පුබුදු කරවා ඇත. පසුව ඔවුන් දෙන්නා ටියුෂන් පන්ති අවසන කාමර වලට යාමටද පුරුදුවී ඇත. මෙම සියලු අවස්ථාවල දැරියට උපත් පාලන පෙති ලබාදීමට මෙම පුද්ගලයා පරිස්සම්වී තිබේ.

මෙම සම්බන්ධය වර්ධනය වෙද්දී කොරෝනා උවදුර පැමිණීම නිසා සෞඛ්‍ය නීතිරීති අනුව ටියුෂන් පන්ති නතරවීම හේතුවෙන් දෙන්නාට ටියුෂන් පන්ති අතරවාරයේ හමුවීම් නතර කරන්නට සිදුව ඇත.

දැරියව පිටතදී මුණ ගැසීමට බාධා නිසා නිවසේදී මුණගැසීමට ක්‍රමයක් කල්පනා කර ඇති නමුත් එයට පවතින එකම බාධකය දෙමාපියන් බව ඔවුන් කල්පණා කර තිබේ. ඒ අනුව දෙමාපියන්ට නිදි පෙති ලබාදී නින්දට යාමට සලස්වා දෙන්නා අතර ඇසුර රහසිගතව පවත්වා යාමට හැකි නොවේදැයි අදහසක් පහළවී ඇත. දැරිය පිටතට පැමිණි අවස්ථාවක පුද්ගලයා කියූ පරිදි නිදි පෙති ලබාගෙන ගෙදර ගෙනගොස් මව්පියන්ගේ රාත්‍රී ආහාරය සමග ඒවා මිශ්‍ර කිරීමට දැරිය සූක්ෂ්ම වී තිබේ.
මව්පියන් නින්දට යාමෙන් පසු  පහළොස් හැවිරිදි පාසල් දැරිය නිවස අසළ මග රැක සිටින පුද්ගලයාට දොර විවර කරන්නේ ඉන් අනතුරුවය. මෙම ‘සෙල්ලම‘ ඇය පසුගිය මාස ගණනාව තිස්සේම කරගෙන ආ නමුත් එක් දිනක් හදිසියේ නින්දෙන් අවදිවූ දැරියගේ පියාට නිවසට හොරෙක් ඇතුළුවී ඇතිදැයි කළ පරීක්ෂාවකදී දැරියගේ කාමරයේ ඇසෙන ශබ්දය හොරාගේ නොව අනියම් ප්‍රේම ඇසුරකට අදාළ එකක් බව හඳුනාගන්නට වැඩි වේලාවක් ගොස් නැත.


වහාම කාමරයේ දොර වැසූ නිසා කාමරයේ නිරුවතින් සිටි පුද්ගලයාට පිටතට යාමට හැකියාවක් ලැබී නැති අතර ඔහු පෙරවන රෙද්දකින් විළිවසාගනිමින් අනේ අංකල් මට මුකුත් කරන්න එපා.. යයි පිංසෙන්ඩුවී ඇත. ඇඳුම් අඳිමින් සැඟවෙන්නට උත්සාහ කරන දැරිය එයාට යන්න දෙන්න තාත්තී.. යයි කෑගසා ඇත.
මේ අවස්ථාවේ 119 දුරකථනයට ඇමතුමක් ගෙන අදාළ පුද්ගලයා පොලිසියට භාර දීමට දැරියගේ පියා කටයුතු කර ඇත.
දැරිය අපයෝජනයට ලක් කළ පුද්ගලයා ඊයේ  (21 දා) සැකපිට අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.
සැකකරු වසර දෙකක සිට අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වමින් පාසල් දැරිය මෙසේ අපයෝජනයට ලක්කර ඇතැයි පොලිසියේදී පිළිගෙන තිබේ.   
මීට දින කිහිපයකට පෙර දැරිය සැකකටයුතු ලෙස කිසියම් පෙති වර්ගයක් පානය කරන අවස්ථාවක් තමා දුටු බවද දැරියගේ පියා පොලිසිය කළ ප්‍රශ්න කිරීමේදී දන්වා ඇති අතර දැරිය බොරුවක් කියූ නමුත් ඒවා උපත් පාලන පෙති ලෙස තමා හඳුනාගත් බවත් දැරියට අවවාද කළ බවත් පියා පවසා ඇත.
දැරිය ලවා අවස්ථා කිහිපයකදී මාපියන්ට නිදි පෙති ලබා දී ඒ හැම අවස්ථාවකදීම සැකකරු නිවසට පැමිණ දැරිය අපයෝජනයට ලක්කර ඇති බව විමර්ශනවල දී අනාවරණය වී ඇත.    
අපයෝජනයට ලක්වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.    
සැකකරු කඩුවෙල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.