2021 නව වසර වෙනුවෙන් පරිසර අමාත්‍යංශයේ කාර්ය ඇරඹීම නිමිත්තෙන් ඊයේ පැවති උත්සවයකදී
කොරෝනා වෛරසය පාලනය කිරීමේ ඉලක්කය ජය ගැනීම සඳහා විද්‍යානුකූල ක්‍රියාවලියක් පිළිබඳ විශ්වාසය තබා ගැනීම වැදගත් වන බව පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා දන්වා සිටියේය.

මින් ඉහත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් කොරෝනා පළමු රැල්ල මැඩීමට මහත් කැපවීමෙන් කටයුතු කළ ඔහු දෙවන රැල්ල ඇරඹෙන විට එම තනතුරින් මාරුකර තිබූ අතර ඔහුගේ සේවය කොරෝනා දෙවැනි රැල්ල මැඩීමට නිසි පරිදි ලබානොගැනීම ගැන පාර්ලිමේන්තුවේදී පවා ප්‍රශ්නයට නගා තිබුණි.
ඔහුට කොරෝනා මර්දනය ගැන අදහස් පළ කිරීමට පවා නිසි ඉඩක් ලැබී නැති සෙයක් වර්තමානයේ පවතී.
කොරෝනා මර්දනය පිණිස රජයේ නිල නොවන අනුග්‍රහය ඇතිව ගුප්ත විද්‍යා වෘත්තිකයින්ගේ 'පැණි වර්ග' ප්‍රසිද්ධ කෙරෙමින් පවතින අතරවාරයේ ජාසිංහ මහතා අවධාරණය කරන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයන් වෙනුවට මිත්‍යා විශ්වාසයන් පසු පස ගමන් කිරීම කොරෝනා අර්බුදයක් දක්වා වර්ධනය වීමට හේතු විය හැකි බවයි.
මෙයට විසඳුම එන්නත බවත් වසංගත තත්ත්වය පාලනය කිරීමේ ක්‍රියාවලියේදී සමස්ත ජනගහනයෙන් 50 % කට වත් එන්නත් ලබාදීමට ඉදිරියේදී අවශ්‍ය බවත් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කළේය.

-------
[Send your emails to editor - editor@gossiplankanews.com]