බෝගස යනු Ficus riligiosa  යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හදුන්වන ශාකයකි. සිංහල බෞද්ධ
ජනතාව විසින් අති උතුම් ශාකයක් වශයෙන් හ¾දුන්වන බෝ ගස පරිසර විද්‍යාත්මකව ගත් කල ඉතා වැදගත් ශාකයකි. එයට හේතුව නම් වායු ගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ්වලින් වැඩි ප්‍රතිශතයක් අවශෝෂණය කරන ශාකයක් කිරීමට බෝ ගසට ඇති හැකියාව මෙන්ම, පැය විසිහතර පුරාම ඔක්සිජන් නිපදවන ශාකයක් වශයෙන්ද බෝ ගස පරිසරයට සුවිශේෂී වීමයි.

සිංහල භාෂාවේ බෝ ගස සඳහා නම් ගණනාවක් තිබේ. ‘දුමිදු’, ‘මඩලපත්’, ‘බෝදුම’, ‘සළ දළ’,
‘බහුපර්ණ’ යන නම්වලින්ද හින්දි භාෂාවේදී ‘පිපුල්’ හා දෙමළ භාෂාවෙන් ‘අරස’ යන නම්වලින්ද බෝගස
හදුන්වයි. සිංහල භාෂාවේ මඩලපත් යන්නෙහි අර්ථය මණ්ඩලයක් වශයෙන් පත් ඇති යන්නයි. 

 පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය සිකුරාදා (25දා) සූරියවැව ප්‍රාදේශීය ලේකම්
කාර්යාලයේ පැවැති රුක්රෝපණ වැඩසටහනකට සහභාගි වූ අතර එහිදී මේසය මත අලංකරණය සඳහා තබා
තිබූ බොන්සායි තාක්ෂණය අනුව සකස් කළ බෝ පැළය දුටුවේය. එම අවස්ථාවේදී අමාත්‍යවරයා ඒ
පිළිබඳව සූරියවැව ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් කරුණු විමසීමක් කළේය.

මෙම නවනිර්මාණය කළ තරුණයා කවුදැයි අමාත්‍යවරයා සූරියවැව ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් විමසුවත් ඔහු
එතැන නොසිටියේය. පසු දිනක එම නව නිර්මාණකරුවා අමාත්‍යවරයාට මුණගැස්වීමට කටයුතු කරන බව ප්‍රාදේශීය ලේකම්වරයා පැවැසීය.

සැබවින්ම බෝ පැළයක් ගෘහස්ථව තබා ගැනීම අතිශය වැදගත් වේ. එයට හේතුව ගෘහස්ථව ඇති ඔක්සිජන් මට්ටම ඉහළ අගයක පවත්වා ගැනීමට හැකිවීම හා වාතය පිරිසුදු කිරීමට ඊට ඇති හැකියාවයි. නමුත් බෝ ගස යනු දැවැන්ත ශාකයක් ලෙස වැඩෙන ශාකයක් වන බැවින් තම ගෙවත්තකවත් රෝපණය කළ හැකි
ශාකයක් නොවේ. එම නිසා මෙම නව හ¾දුන්වා දීම සිංහල බෞද්ධ ජනතාවට පමණක් නොව සෑම
නිවෙසකටම පරිසර හිතකාමී මෙහෙවරක් වශයෙන් අතිශයින් වැදගත් වන බව අමාත්‍යවරයා පැවැසීය.

මෙම අවස්ථාවට පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාද සහභාගි වී සිටි අතර ඒ
මහතා මෙම නව නිර්මාණයේ ඇති වැදගත්කම පිළිබඳව අමාත්‍යවරයාට කරුණු පැහැදිලි කළේය.

Send your email- editor@gossiplankanews.com