
ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ සේවකයන් සිවුදෙනෙකුට කෝවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ සේවකයන් සියදෙනෙකු සම්බන්ධයෙන් සිදු කළ අහඹු පී.සී.ආර්. පරීක්‍ෂණයේදී සේවකයන් 70දෙනෙකුට අදාළව නිකුත් කළ ප්‍රතිඵලවලට අනුව ඉන් සිවුදෙනෙකු කෝවිඩ් ආසාදිත බව තහවුරු වී ඇත.
ඉතිරි සේවකයන් 30දෙනාගේ පී.සී. ආර්. ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව ඇති අද (21දා) දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ තවත් සේවකයන් 250 දෙනෙකු සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්‍ෂණ සිදුකරන බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය.
- බුද්ධිමාල් රුබේරු -
Comments
Post a Comment
Your comment will be visible after approval