
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නවාතැන් ගෙන සිටි ගාල්ලේ පිහිටි තරුපහේ හෝටලයක තවත් සේවකයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව ගාල්ල දිස්ත්‍රික්ක ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි. කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්තේ හෝටලයේ ලොන්ඩරියේ සේවය කරන සේවකයකුට බවද ඒ මහතා පවසයි.
එම සේවකයා සියඹලාගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මීට පෙර මෙම සුපිරි හෝටලයේ අරක්කැමියන් දෙදෙනකු ඇතුළු සේවකයන් 04 දෙනකුට වයිරසය ආසාදනය වී ඇති බවට තහුරු වී තිබිණි.
ජේ.කේ.එල්. චාමින්ද-
Comments
Post a Comment
Your comment will be visible after approval