
කොවිඩ් වයිරසය සමාජගත වී අවසන් යැයි කෑගලු දිස්ත්‍රික් මහ රෝහලේ ක්ෂුද්‍ර ජීවී විශේෂඥ වෛද්‍ය මුදිත අබේකෝන් මහතා පැවැසීය.
කොවිඩ් දෙවැනි රැලේදී ආසාදිතයන් හමුවීම හා මියයන කොවිඩ් ආසාදිතයන් පිරිස සැලකිල්ලට ගැනීමේදී වයිරසය කොපමණ ස්ථීර ප්‍රමාණයකට පැතිර ඇත්දැයි පෙන්නුම් කෙරෙන බව කී අබේකෝන් මහතා කොවිඩ් රෝගීන් ගණන ඉහළ ගොස් ඇත්තේ වයිරසය සමාජ ගත වීම නිසා බව ප්‍රකාශ කළේය.
වෛද්‍ය මුදිත අබේකෝන් මහතා මෙසේද කීය.
ශ්‍රී ලංකාවේ කොවිඩ් සමාජගත වෙලා කියන එක අපි පිළිගන්න ඕනෑ. කොහෙන්ද හමුවුණේ කියලා හොයා ගන්න බැරි විදියට රෝගීන් හමුවෙනවා. ඒ කියන්නේ වයිරසය සමාජගත වෙලා අවසන්. ඒක තමයි යථාර්ථය. ඒක කියන්න අපි බිය විය යුතු නැහැ. ඒක ලැජ්ජා වෙනත් කාරණයක් නොවෙයි. ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය, ඉන්දියාව වැනි අපට වඩා දියුණු රටවලත් කොඩිඩ් සමාජගත වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටක් කොවිඩ් සමාජගත වෙලා කියන්න ලැජ්ජා විය යුතු නැහැ. මොකද ලෝකයේ දියුණු රටවලත් මේක පාලනය කර ගන්න බැරිවෙලා තියෙනවා.
- සුජිත් හේවාජුලිගේ -
Comments
Post a Comment
Your comment will be visible after approval