
ලොව දැවැන්තම COVID-19 එන්නත්කරණ වැඩසටහන ලෙස පසුගිය සෙනසුරාදා (16දා) දිනයේදී ආරම්භ කෙරුණු එන්නත්කරණයේදී එන්නත් ලබාගත් පුද්ගලයන් 447ක් තුළ සංකුලතා හට ගෙන ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙලෙස සංකුලතා පෙන්වා රෝහල්ගත කෙරුණු තිදෙනාගෙන් දෙදෙනකු ඊයේ දිනයේදී රෝහලෙන් පිටව ගොස් තිබේ. අනෙක් පුද්ගලයා තවදුරත් එරට රිෂිකෙෂ් නුවර පිහිටි සමස්ත ඉන්දියා වෛද්‍ය විද්‍යා පර්යේෂණ ආයතනයේ රදවා තබා ගනිමින් පරික්ෂාවට ලක්කරන බව බලධාරීන් පවසයි.
බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රාසෙනෙකා සමාගම හා එක්ව ඉන්දියාවේ සෙරම් ඉන්ස්ටිටියුට් ආයතනය මගින් නිර්මාණය කළ Covishield එන්නත සහ ඉන්දියාවේ භාරත් බයෝටෙක් සමාගම නිපදවූ Covaxin එන්නත මෙලස එරට තුළ එන්නත්කරණය සඳහා යොදා ගැනුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval