එක්සත් ජනපදයේ ක් ජනාධිපති ලෙස තේරීපත්ව සිටින ජෝ බයිඩන් විසින් ප්‍රකාශ කර ඇති ආකාරයට දින 100ක් තුළ එරට ජනතාවගෙන් මිලියන 100ක් වෙත COVID-19 එන්නත ලබාදීමේ හැකියාවක් සිය රටට ඇතැයි එරට ආසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනයේ අධ්‍යක්ෂ ඇන්තනි ෆවුසි පවසයි.


ජෝ බයිඩන් සිය ධුරයේ දිවුරුම් දීමෛන් අනතුරුව රට තුළ COVID-19 වසංගතය පාලනය සදහා ගෙන යන වැඩපිළිවෙළ යටතේ මෙම එන්නත්කරණය පිළිබදව මීට පෙර සදහන් කර තිබේ. ලබන ජනවාරි 20දා ඔහු ජනපති ධුරයට පත්වීමට නියමිතව ඇත.

"මෙය සැබැවින්ම කළ හැකි දෙයක්. අද වනවිට ඇස්ට්‍රාසෙනෙකා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන්  යන සමාගම් අලුතින් එන්නත් නිපදවමින් තිබෙනවා. ඒවා ඉදිරියේදී එක්සත් ජනපදය තුළ අනුමැතිය සඳහා නියාමකයන් වෙත ඉදිරිපත් කරාවි. ඒ හරහා මේ එන්නත්කරණය වේගවත් කරන්න හැකියාව ලැබේවී. මට විශ්වාසයි, අපි ඉන්නේ සති කිහිපයක් මිසක්, මාස කිහිපයක් ඈතින් නෙමෙයි.” වෛද්‍ය ඇන්තනි ෆවුසි සදහන් කර තිබේ.

මෙහිදී විශේෂයෙන්ම එන්නත්කරණයට සමගාමීව එක්සත් ජනපදය තුළ මුඛ ආවරණ පැලදීම මෙන්ම විශාල පිරිසක් එකට ඒකරාශී වන අවස්ථා සීමා කිරීම යනාදිය ක්‍රියාත්මක කිරීම හරහා මම නව කොරෝනා වෛරසය මෙන්ම, එහි නව ප්‍රභේදයද ව්‍යාප්තවීම වළක්වා ගත හැකි බව වෛද්‍ය ෆවුසිගේ අදහස වී තිබේ.