සූර්යයා පිළිබදව ගවේෂණය සදහා වසර 2022 පළමු වැනි අර්ධයේදී පමණ අභ්‍යවකාශ යානාවක් අභ්‍යවකාශයට යැවීමට සැලසුම් කර ඇතැයි චීනයේ විද්‍යා ඇකඩමිය අනාවරණය කරයි. ASO-S (Advanced Space-based Solar Observatory) ලෙස මෙය නම් කෙරී ඇත. 
මෙලෙස යවන යානය පෘථිවියේ සිට කිලෝමීටර් 720ක් පමණ ඉහළ කක්ෂයේ රඳවා තබමින් සූර්යයා පිළිබදව ගවේෂණය අරමුණ වී තිබේ. මෙම අභ්‍යවකාශ මෙහෙයුම වසර හතරක කාලයක් ක්‍රියාත්මක කෙරෙන බව ඇකඩමියේ පර්යේෂකයන් පවසා සිටියි.  මෙහිදී යානය සමග සුර්යය දුරේෂකයක්, චුම්භක ප්‍රතිබිම්භකයක් සහ එක්ස්-රේ ප්‍රතිබිම්භකයක් රැගෙන යන අතර, එම උපාංග යොදාගනිමින් පැය 24ක කාලයකදී සූර්යයාගේ වායුගෝලය මත සිදුවන වෙනස්කම් පැහැදිලිවම නිරික්ෂණය කිරීම සැලසුම වී තිබේ.


එසේම මෙම යානය මගින් සූර්යය කුණාටු ඇති වීමට දින දෙකකට හෝ තුනකට පෙරාතුව ඒ පිළිබඳව නිරීක්ෂණය කෙරෙනු ඇති බවත්, ඒ හරහා මෙවැනි සූර්යය කුණාටු හේතුවෙන් පෘථිවියේ විද්‍යුත් චුම්භක පරිසරය වෙත සිදුවන හානිය පිළිබදව පෙර අනතුරු ඇගවීම් සිදු කිරීමේ හැකියාව ලැබෙන බවත් පර්යේෂකයන් පවසා සිටියි.