එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන
ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයට සහභාගීවූ ශ්‍රී ලංකා සංචිතයේ සිටි ක්‍රීඩකයින් පස් දෙනෙකුට ඉන් ඉවත් කර තිබේ.
කුසල් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, මිනෝඩ් භානුක ලහිරු කුමාර හා නායක දිමුත් කරුණාරත්න මෙලෙස ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත්කර ඇති අතර  දෙවන ටෙස්ට් තරගය බ්‍රහස්පතින්දා (21) ගාල්ලේ දී පැවැත්වෙන බවත් එහි පළමු දිනයේදී තවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුව ඉවතට දමනු ඇති බවටත් වාර්තා පළව තිබේ.
ගාල්ලේ දී පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව පරදා කඩුලු 7 කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වූ අතර ඉහත නෙරපනු ලැබූ ක්‍රීඩකයින් වැඩිදෙනා දුර්වල ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ අයයි. නායක දිමුත් කරුනාරත්නට ඉවත්වන්නට සිදුව ඇත්තේ ඇඟිල්ලේ අස්තියක් පුපුරා ආබාධයකට ගොදුරුවීම නිසාය.