කිලෝමීටරයකටත් වඩා අඩු පාරවල් සකස් කිරිමට වසර එකහමාරකටත් වඩා කාලයක් ගතව ඇති බවත් ව්‍යාපෘතිවල වැඩ නිසි පරිදි සිදු නොවීමෙන් ජනතාවගෙන් තමන්ට බැණුම් ඇසීමට සිදුවන බවත් මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොළඹදී ඊයේ(21) පැවසීය.
ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පමණක් ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 1150ක් සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය. මෙම ග්‍රාමීය මාර්ග ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත් පිරිනැමීමේදී නියමිත දිනට වගකීමෙන් යුතුව ඉදිකිරීම් කටයුතු අවසන් කළ හැකි ඉදිකිරීම් සමාගම්වලට පමනක් කොන්ත්‍රාත් පවරණ ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව පොස්ටන් ප්‍රනාන්දු මහතා කීවේය. නැගෙනහිර පළාතේ පමා වූ සියලුම මාර්ග ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන ලෙසත් අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.
-නිමල කොඩිතුවක්කු-

Comments
Post a Comment
Your comment will be visible after approval