එංගලන්තයේ බකිංහැම් මාලිගයේ මහ රැජිනට අයත් ස්ටර්ලිිිින් පවුම් ලක්ෂයක් වටිනා පදක්කමක් සහ තවත් වටිනා භාණ්ඩ රැසක් මාලිගයේ අරක්කැමි සහායකයෙකු සොරාගෙන ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.
කොරෝනා වසංගතය හ
සොරකම සිදුකර ඇත්තේ මෙම කාලයේ මාලිගය බලා ගැනීමේ රාජකාරියේ නියුතු ඇඩමෝ කැන්ටෝ නම් නාවික නිලධාරිිිිියෙක් . ඔහු මාලිගයේ අරක්කැමි සහායකයෙකු ලෙස රැකියාවේ නිරතවන බව පැවසේ. මෙලෙස සොරාගත් භාණ්ඩ E Bay හරහා වෙන්දේසි කොට මුුුුුදල් උපයාගන්නටද ඔහු කටයුතු කර ඇත.
ඔහු තමන් සොරකම් කළ බව අධිකරණයේදී පිළිගෙන තිබෙයි . මෙලෙස සොරාගත් සමහර භාණ්ඩ මහ රැජින සතු දුර්ලබ භාණ්ඩ වූ බව මාලිගයේ ප්‍රකාශකයෙක් සදහන් කොට තිබෙයි.
මේ අතර ඇති ඇතැම් භාණ්ඩ බ්‍රිතාන්‍ය පවුම් 10,000 සිට 100,000 දක්වා වටිනාකම් සහිත නමුත් ඒවා අලෙවිය සඳහා ඉදිරිපත් කර ඇත්තේ එහි සැබෑ වටිනාකමට වඩා ඉතා අඩු මුදලකට ය. කෙසේ වෙතත් සොරා උපයාගත් මුළු මුදල බ්‍රිතාන්‍ය පවුම් 7,741කි.




