දෙනියාය, මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචි මවක් දෙනියාය මුලික රෝහලට සිය සිව් වැනි  දරු ප්‍රසුතිය සදහා පෙරේදා (01) ඇතුළත්  කර දරුවා ප්‍රසූත කිරීමේන් පසුව මව වැඩීදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට රෝහල් ගිලන් රථයෙන් රැගෙන යන අතරතුර මව මිය ගොස් දරුවාගේ ජීවිතය බේරුණු පුවතක් දෙනියාය මූලික  රෝහලෙන් වාර්තා විය.  මෙසේ මියගොස් තිබුණේ 36 හැවිරිදි වඩුවත්ත, මිරිස්වත්ත, ඉහළගම, දෙනියාය ලිපිනයේ පදිංචි ජීවනී චේතිකා නමැති සිව් දරු මවකි.
ඇය ඉකුත් 30 වැනිදා සිව් වැනි දරු ප්‍රසූතිය සඳහා වෛද්‍ය උපදෙස් පරිදි දෙනියාය මූලික රෝහලට සිය සැමියා සමග ගොස් නතර වී පෙරේදා (01) දහවල් දරුවා ප්‍රසූත කිරිමෙන් අනතුරුව මවගේ  අධික රුධිර වහනය හේතුවෙන් ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ගිලන් රථයකින් රැගෙන යන අතරතුර මියගොස් තිබූ බව ඇගේ ස්වාමිපුරුෂයා වූ ඩබ්ලිව්. චමින්ද මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් දෙනියාය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී සෝමරත්න කෝණාර මහතාගෙන් කළ විමසීමකදී සඳහන් කළේ මේ මවගේ සිව් වැනි දරු ප්‍රසූතිය බවයි.  දරුවා ප්‍රසූත කරන අවස්ථාවේ දරුවාගේ සහ මවගේ සංකූලතා තිබී නැහැ. එවැනි අය මෙම රෝහලේ තියාගන්න පුළුවන්. මේ දරුවා ප්‍රසූත කිරිමෙන් අනතුරුව මවගේ ලේ වහනය වැඩි වී තිබෙනවා. එය අවම කර ගන්න එම අවස්ථාවේ සිට වෛද්‍යවරුන් දැඩි ලෙස කැප වී තිබෙනවා. නමුත් එය අවම කර ගැනීමට නොහැකි වූ හෙයින් වැඩිදුර ප්‍රතිකාර සඳහා මව සහ දරුවා මාතර මහ රෝහල වෙත වැඩිදුර  ප්‍රතිකාර සඳහා මාරු කර යවන අවස්ථාවේ  තමයි මේ අවාසනාවන්ත සිදුවීම සිදුවෙලා තිබෙන්නේ.

(S.D.කොඩිකාර)