කොරෝනා වයිරසයට එරෙහිව කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා නිපදවා ඇති දේශීය ඖෂධය උගුරක් තොලගෑ සෞඛ්‍ය ඇමැතිවරිය ඒ පිළිබඳව විමර්ශනය කර යෝජනා මාලාවක් සකස් කිරීමට විද්වත් කමිටුවක් පත් කරනු ලැබ ඇත.
මහාචාර්ය සේනක පිලපිටිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයෝ විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවික්‍රම, මහාචාර්ය සිසිර සිරිවර්ධන, මහාචාර්ය සරෝජ් ජයසිංහ, මහාචාර්ය ලේකම්වසම්, මහාචාර්ය ජනක ද සිල්වා, මහාචාර්ය සෑම් කුලරත්න සහ මහාචාර්ය කමනි වනිගසූරිය යන මහත්ම මහත්මීහුය.
ධම්මික බණ්ඩාර වෙද මහතා දේශීයව නිපදවා ඇති එම ඖෂධය ආසාදිතයන්ට ලබා දීමේ ක්‍රමවේදය සැකසීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යංශයේදී ඊයේ (2) පස්වරුවේ පැවැත්විණි. එහිදී එම කමිටුව පත්කර තිබේ. එම අවස්ථාවට ධම්මික බණ්ඩාර වෙද මහතා, සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි, ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, දේශීය වෙදකම ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි, ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.
- රංජන් කස්තුරි -

Comments
Post a Comment
Your comment will be visible after approval