
COVID-19 වෛරසය වැලැක්වීම සඳහා රුසියාව මගින් ඉදිරිපත් කර ඇති SputnikV එන්නත පසුගිය සතියේදී එරට සිවිල් වැසියන් පිරිසක් වෙත ලබාදී ඇතැයි බලධාරින් පවසයි. ඒ අනුව මොස්කව් නුවරට දකුණින් පිහිටි ඩොමොඩෙඩෝවෝහි ස
මෙම එන්නත සම්බන්ධව දැනට නිකුත් කර ඇති වාර්තවලට අනුව එය COVID-19 වෛරසයට එරෙහිව 92%ක සාර්ථකත්වයක් පෙන්වන බව සඳහන් කර තිබේ. අතරමැදි අත්හදා බැලීමේ ප්‍රතිඵලවලට අනුව මෙම සාර්ථකත්වය මැන ඇත. ඒ අනුව ලොව පුරා සිදු කෙරෙමින් පවතින COVID-19 වෛරසයට එරෙහි එන්නත් නිපදවීමේ තරගයේ තවදුරටත් ඉදිරියෙන් සිටීමටද රුසියාව සමත්ව සිටියි.
මෙහිදී එම එන්නත විද ගැනීමට අපේක්ෂා කරන නගර වැසියන් රජය මගින් ලබාදී ඇති වෙබ් අඩවිය මත ලියාපදිංචි විය යුතු බවත්, එහිදී COVID-19 වෛරසය ආසාදිත නොවන බවට පරීක්ෂණ වාර්තාවක් සහ හඳුනා ගැනීමේ ලේඛන රැගෙන ඒම අනිවාර්ය බවත් බලධාරින් සඳහන් කර සිටියි.