මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් මියගිය රැඳවියන් 11 දෙනා අතුරින් පී සී ආර් පරීක්ෂණ සිදුකළ 09 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදිතව තිබූ බව  රාගම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා  මහතා සහ

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.ටී.එන්. උපුල්දෙණිය මහතා තහවුරු කර තිබේ.
මියගිය සිරුරු සම්බන්ධයෙන් සිදු කළ පී.සී.ආර් පරීක්ෂණවලින් මේ පිළිබඳව තහවුරු වූ බව ඔවුන් පවසා ඇත‍.
අනෙක් දෙදෙනාට ආසාදනය සිදුව තිබුනේද යන්න ගැන සිදු කළ පරීක්ෂණ ප්‍රතිඵල  අද දින ලැබීමට නියමිතය.
මේ වනවිට රාගම රෝහලේ මළ සිරුරු තැන්පත් කර ඇති අතර ඔවුන්ගේ හඳුනාගැනීමේ ලේඛන ද පිලිස්සීමෙන් විනාශ වී ඇති බවද මේ හේතුවෙන් ඔවුන් කවුදැයි නිශ්චිතව හඳුනා ගැනීම දැඩි අපහසුතාවයක් වී ඇතැයි පැවසේ.
මේ අතර මෙම ගැටුමේදී තුවාල ලද 107 දෙනෙකු සම්බන්ධ කළ පීසීආර් පරීක්ෂණ වලදී 35 දෙනෙකුද කොරෝනා ධනාත්මකවූ බව මින් ඉහත වාර්තා කර තිබුණී.