2020 අවසාන මාසයට පිවිසෙත්ම බොලිවුඩ් නිළි කාජල් මේ වසර ගැන යමක් පවසා ඇත. ඇය ඒ පිළිබඳව අදහස් දක්වා ඇත්තේ ඇගේ අලංකාරවත් ඡායාරූපයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහදාගනිමිනි.
 
එහිදී අදහස් දක්වමින් මුලින්ම ඇය පවසා ඇත්තේ 2020 වසර බොහෝ දුරට දැන් අවසන් වෙමින් පවතින බවත් අපි අලුත් අවුරුද්දකට පිවිසීමේ අද්දරට පැමිණ සිටින බවත් ය. එහෙත් මේ වසරේ මුල් මාස කිහිපය තුළ, කොරෝනා වෛරස් වසංගතය නිසා අපට නිවස් තුළටම වී කාලය ගතකරන්නට සිදු වූ බවත්
ඒ සම්බන්ධයෙන් යමක් පැවසීමට ඇති බවත් ඇය එහිදී කියා ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිය ඉන්ස්ටර්ග්‍රෑම් පිහිටුවෙහි ඡායාරූපයක් පළ කළ ඇය එහි ශීර්ෂ පාඨ සටහන තබා ඇත්තේ මෙම වසර කෙතරම් වේගයෙන් ගතවුනිද යන්න පිළිබඳව සඳහනක් කරමිනි.

සුදු පැහැති ඇඳුමකින් සැරසී සිටින ඡායාරූපයක්ද පලකරමින් ඇය එහි  “It felt like March - November was just a 15min thing... #just2020things #ItsDecember (sic).” ලෙස සඳහන් කර තිබුණි. කාජල් මෙය සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගත් විගසම, නිළි රේණුකා ෂහානේ මෙම ප්‍රකාශයට මුළුමනින්ම එකඟ වන බව පවසා තිබුණි. මෙසේ රේණුකා සමඟ එකඟව ඊට තවත් අදහස් දැක්වූවන් ලෙස කරන් ජොහාර්, හුමා කුරේෂි, ටානීෂා මුකර්ජි, වට්සාල් ෂෙත් සහ තවත් ප්‍රවීණයන් කිහිප දෙනෙකුම දැක්විය හැක. කාජල් සමාජ මාධ්‍ය ශීර්ෂපාඨයන් සඳහා වැඩි ජනප්‍රියත්වයක් ලබා සිටින අයෙකි. එබැවින් මේ සඳහාද ඇයට විශාල ප්‍රතිචාරයන් ලැබී තිබෙන අතර බොහෝ දෙනෙක් ඇගේ ශීර්ෂ පාඨය හා එකඟ වී තිබේ. කාර්වා චෞත් වෙනුවෙන්ද  ඇය අපූරු පින්තූරයක් බෙදාගෙන මෙසේ ලියා ඇත. එනම්,

 “Hunger games series . Swipe for the fun:- ( pls read appropriate captions given below ) 1. Waiting for the moon with n patience 2. Slowly losing it 3. Serial killer is happening 4. Agar khaana nahi mila toh.... 5. Hey bhagvan aasman me nahi to phone pe to chand dikhade!!! (sic).” යනුවෙනි.

කෙසේනමුත් කාජල් අවසන් වරට දක්නට ලැබුණේ දේවි නම් කෙටි චිත්‍රපටය තුළිනි. මෙහි ප්‍රධාන චරිත නිරූපණයන් සඳහා නේහා ධූපියා, ශෘති හසන්, නීනා කුල්කර්නි, මුක්තා බාර්වේ සහ ශිවානි රගුවන්ෂි  දායක වී ඇත. ඇගේ අවසන් බොලිවුඩ් දැක්ම ටන්හාජි චිත්‍රපටය ඔස්සේ සිය සැමියා වන අජේ දේව්ගන් සමඟ  දැකගත හැකිය.