
වසරක් තුළ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති පුද්ගලයන්ට බර වාහන රියදුරු බලපත‍්‍ර නිකුත් නොකරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
ජනවාරි පළමු වනදා සිට බර වාහන රියදුරු බලපත‍්‍ර සදහා ඉල්ලුම් කරන පුද්ගලයන්ට එය පරීක්‍ෂා කිරීම සදහා විශේෂ ජෛව පරීක්‍ෂණයකට යොමු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
පෞද්ගලික බස් රථ සහ බර වාහන රියදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර ධාවනයේ යෙදෙන බවට ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම නව ක‍්‍රමවේදය හඳුන්වාදී ඇති බව ඔහු කීය.
Comments
Post a Comment
Your comment will be visible after approval