
කොළඹ පොලිස් හදිසි ඇමැතුම් අංශයේ විසිපස්දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස ඊයේ (27 වැනිදා) වන විට වාර්තා වී ඇත.
මෙම ආසාදිතයන් පොලිස් හදිසි ඇමැතුම් කාර් රථවල සිටින නිලධාරීන් නොවන බවත් දුරකථන හා මෝටරෝල් යන්ත්‍ර ක්‍රියාකරවීමට හදිසි ඇමැතුම් අංශ මූලස්ථානයේ සිටි අය බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවැසීය.
පොලිස් බැරක්කයේ සිටි කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරියකු මාර්ගයෙන් මෙම නිලධාරීන්ට කොවිඩ් වැලඳී ඇතැයි හෙළි වී තිබේ.
බේරුවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පත්මකුමාර මහතාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද (28) සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකදී අනාවරණය වූ බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර් ජේ සිංහබාහු මහතා පැවසීය



