
අපි මත්තල විසි දෙකේ හන්දියට ඇවිත් හයිවේ එක පැත්තට යනවිට කිලෝ මීටර් හයේ කනුව අසල දී අපි ගමන් කරමින් සිටි අපේ කාර් එකේ පිටුපස දකුණු පැත්තේ රෝදය පුපුරා ගියා. එවිට වාහනය පදවාගෙන ගිය අපේ ලොකු පුතා පුතා එකවරම බ්‍රේක් කළා. එතකොටම වාහනය පෙරළුණා. මට මතක එච්චරයි. ලුණුගම්වෙහෙර මත්තල මාර්ගයේ හයේ කණුව අසල දී සුඛෝපභෝගී මෝටර් රථයක් පෙරළී යාමෙන් මියගිය මව සහ දියණියගේ මරණ අතුරෙන් මවගේ මරණය සම්බන්ධයෙන් පැවති හදිසි මරණ පරික්ෂණයේ දී
මියගොස් සිටින්නේ මගේ බිරියයි. අපි දෙදෙනා රැකියාව විදියට කොටිකාවත්ත නගරයේ ව්‍යාපාරයක් කරනවා. අපට දුවෙක් සහ පුතුන් දෙදෙනෙක් ඉන්නවා.
පසුගිය නොවැම්බර් 15 වැනිදා අපි දෙදෙනා දරුවන් තිදෙනා සමග පස්සර ඩැමේරියා පාරේ පිහිටි බිරිදගේ මහ ගෙදර අලුත්වැඩියා කිරිමට අපගේ පෞද්ගලික වාහනයෙන් ආවා. අපි කවුරුත් එහි නතරවෙලා ඉඳගෙන නිවසේ අලුත්වැඩියා කිරිමේ කටයුතු අවසන් කළා. මේ සිද්ධිය වූ දින උදේ දහයට පමණ කොටිකාවත්තේ පිහිටි අපේ නිවසට යන්න අපේ මෝටර් රථයෙන් පිටත් වුණා.
රෝහලට ගෙන ගියා. ඊට පසු මමත් චූටි බබාත් රෝහලට අරන් ගියා. ටික වෙලාවකින් මගේ බිරිය මියගිය බව දැන ගන්නට ලැබුණා. පසුව මගේ ලොකු දුව ද හම්බන්තොට රෝහලේ දී මිය ගිය බව ආරංචි වුණා. ඉදිරිපත් වූ සාක්ෂි සහ තිස්සමහාරාම දිසා රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි එච්. සී.ඩබලිව්. අජිත් කුමාර මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වර්තාව සැලකිල්ලට ගත් හදිසි මරණ පරිෂ්කවරයා මෙම මරණය සිදු වූ හදිසි අනතුර නිසා සුසුම්නාව කැඩීයාමත්, ශරිරයට අභ්‍යන්තරයට වූ බහු විධ තුවාල නිසාත් සිදු වූ හදිසි මරණයක් බවට තීරණය කළේය.
(අශෝක තිලකරත්න)