ගෙවත්තට පැමිණි නාගයකු වෙරි මරගාතේ අල්ලා ඌ සුරතල් කර සිපගත් බව කියන යාපනය ප්‍රදේශයේ 56 හැවිරිදි පුද්ගලයකු නාගයා දෂ්ට කිරීම නිසා මියගොස් ඇති බව වැල්වැටිතුරේ පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ යාපනය වැල්වැටිතුරේ පොලිස් වසමේ උඩුප්පිඩි උතුර වෙලේ කොට්ටව ගම්මානයේ පදිංචිව සිටී
මධ්‍යම රාත්‍රියේ හුස්ම ගැනීමට අපහසුවීම නිසා පවුලේ අය ඔහු පේදුරුතුඩුව රෝහලට ගෙන ගොස් ප්‍රතිකාර ලබමින් සිටියදී සුළු මොහොතකින් මියගොස් ඇත. ඔහුගේ පවුලේ අයගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම තොරතුරු අනාවරණය විණී යැයි ද එම පොලිස් නිලධාරියා කීය. සර්පයකු දෂ්ට කිරීම නිසා මොහු මියගොස් ඇති බව පෙරේදා පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ බව පොලිසිය කියයි. මෙම සිද්ධිය වීමට පෙර දිනයේද ගෙවත්තට නාගයකු පැමිණි අවස්ථාවේ මහේෂන් එම නාගයා අල්ලා කැළෑවකට මුදාහැර තිබුණු බව පවුලේ අය පවසන්නේ යැයි පොලිසිය කීය. කුලී වැඩ කර ජීවිකාව ගෙන යන මොහු තදින්ම මත්පැන් පානයට ඇබ්බැහි වූ අයකු බව ඔහුගේ පවුලේ අය ප්‍රකාශ කළ බවද පොලිසිය කියයි.
-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-
