කොරෝනා ආසාදිතයකු බව පී.සී.ආර්. පරීක්ෂණ මගින් තහවුරු වී ඇති දිවුලපිටිය අලුතැපොල චූන් පාන් අලෙවිකරුවකු සහ දිවුලපිටිය පොලිසිය ආසන්නයේ හෝටලයක කොත්තු බාස්  ලෙස කටයුතු කළ පුද්ගලයා කොරෝනා වැළඳුණ කාලවකවානුවේ පාරිභෝගිකයන් වෙත කොත්තු නිෂ්පාදනය කර අලෙවි කර ඇති බවට  මහජන සෞඛ්‍ය පරික්ෂක සිදු කළ විමර්ශනයේදී අනාවරණයවී ඇත.


එම වකවානුවේ කොත්තු දමාගැනීමට 300ක් පමණ පැමිණි බව එම හෝටල් හිමියා විසින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට පැවැසූ බව ද ඔහු කීවේය.

 දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්.යූ.වී. කුලතිලක මහතා පවසා ඇත්තේ දිවුලපිටිය මරඳගහමුල, කටුවැල්ගම ඇතුළු ගම් ප්‍රදේශ රැසකම මෙම ආසාදිත චූන් පාන් රථයේ අලෙවිකරු විසින් පාන්, බනිස් ඇතුළු ආහාර වර්ගද අලෙවි කර ඇති බවට අනාවරණය වූ බවය.