
කොවිඩ් 19 අවදානමක් හේතුවෙන් යාපනය උඩුවිල් සහ තෙලිප්පලෙයි අධ්‍යාපන කලාපයන් දෙකෙහි පිහිටි සියලු පාසල් අද (14) සිට නැවත දැනුම් දෙනතුරු නිවාඩු ලබා දීමට තීරණය කර ඇති බව අධ්‍යාපන
උඩුවිල් අධ්‍යාපන කලාපයේ කොවිඩ් ආසාදිතයින් වාර්ථාවීමත් සමග එම ආසාදිතයින් තෙලෙිප්පලෙයි අධ්‍යාපන කලාපයේද සංචරණය කර ඇති බව වාර්තා වෙයි.
මේ නිසා එම ප්‍රදේශයන් නිරෝධායනය කිරීමට සිදුවීමත් හේතුවෙන් මෙලෙස අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පිහිටි පාසල් වෙතට නිවාඩු ලබා දීමට පියවර ගෙන තිබෙයි.
මේ අනුව උඩුවිල් අධ්‍යාපන කලාපයේ පාසල් 33ක් සහ තෙලිප්පලෙයි අධ්‍යාපන කලාපයේ පාසල් 40කට මෙලෙස නැවත දැනුම් දෙනතුරු නිවාඩු ලබා දී ඇත.
අදාල අධ්‍යාපන කලාපයන්හි අධ්‍යාපනය ලබන සිසු දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙලෙස පියවර ගත් බවයි උතුරු පළාත් අධ්‍යාපන බලධාරීන් වැඩිදුරටත් පැවසුවේය.
Comments
Post a Comment
Your comment will be visible after approval