මීට වසර 17 කට පෙර මියගිය ඇමරිකානු ගගනගාමියෙකු, ඉංජිනේරුවරියක් සහ අභ්‍යවකාශයට ගිය පළමු ඉන්දියානු සම්භවයක් ඇති කල්පනා චව්ලාගේ පුනරුත්පත්තිය නයිවල ප්‍රදේශයෙන් මතුව ඇති බවට කතාබහක් පැතිර තිබේ. මෙයට හේතුවී ඇති 7 හැවිරිදි සෙනුර නමැති දරුවා ඉංග්‍රීසි හා හින්දි භාෂාව චතුර ලෙස කථා කරන අතර විශිෂ්ට බුද්ධි මට්ටමක් හා සාමාන්‍ය දැනුමකින් යුතු බව කථාබහෙන් වැටහේ. 

ඔහුගේ දෙමව්පියන් සහ පවුලේ සාමාජිකයන් පවසන්නේ සිය ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ කර ඇති සෙනුර කිසි විටෙකත් ඉංග්‍රීසි හෝ වෙනත් විදේශීය භාෂාවක් හදාරා හෝ ඒ සම්බන්ධ කිසිවකු සමඟ සබඳතා පවත්වා නොමැති බවයි. සෙනුර ගම්පාහ අඩු ආදායම්ලාභී පවුලක දරුවකු වන අතර ඔහුගේ දෙමව්පියන් ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ඔහුගේ ප්‍රාථමික අධ්‍යාපනයට පවා මුදල් යෙදවීමේ දුෂ්කරතාවන්ට මුහුණ දී ඇත.

කෙසේවෙතත්, ඔහුගේ අතීත ජීවිතය පිළිබඳ ඔහු පවසන කතාවට අභ්‍යවකාශ ගමන් සහ අභ්‍යවකාශ යානා පිළිබඳ විශ්මය ජනක තොරතුරු ඇතුළත් වේ.

බොහෝ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් සෙනුරාගේ අතීත ජීවිතය පිළිබඳ විස්තරය සහ 2003 දී ඛේදජනක ලෙස මියගිය ඉන්දියානු-ඇමරිකානු ගගනගාමියකුගේ කතාව අතර සමානකම් දක්නට ලැබෙන බව නිරීක්ෂණය කර තිබේ.

දරුවාගේ යූ ටියුබ් වීඩියෝව ගැන ප්‍රශංසා කළ හිටපු බැංකුකරුවෙකු වන තෙදනාත් පෙරේරා පැවසුවේ,

“මේ දරුවා ඇදහිය නොහැකි ය. ඔහුගේ කතාව ආශ්චර්යමත් ලෙස යථාර්ථයට සමීප ය.” එය ප්‍රබන්ධයක් මෙන් පෙනෙන්නට පුළුවන. තමාට දැවෙන අත්දැකීමක් ඇති බව පවසමින් ඔහු අනතුරක් හා කාන්තාරයට වැටීම විස්තර කරයි. ඔහුට හින්දි භාෂාවද කතා කළ හැකිය.”


ඔහුගේ කතාව 2003 පෙබරවාරි 1 වන දින කොලොම්බියාවේ අභ්‍යවකාශ ෂටලය කඩා වැටීමෙන් මියගිය ගගනගාමීන් හා සම්බන්ධ බව ස්ථිර වශයෙන්ම කිව නොහැකි බවත් . සුන්බුන් ටෙක්සාස්හි පුළුල් පාළු ප්‍රදේශයකට වැටී ඇති බැවින් (ඔහු විස්තර කරන පරිදි)එම කණ්ඩායමේ ගගනගාමී කාන්තාව වූයේ ඉංජිනේරුවෙකු වූ ඉන්දියාවේ හර්යානා සිට පැමිණි කල්පනා චව්ලා පමණි. , කුඩා පිරිමි ළමයා විස්තර කරන පරිදි, ඔහු ඉන්දියානු ගගනගාමියාගේ පුනරුත්පත්තිය විය හැකිය.

මූලික පරීක්ෂණයක් සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය මහාචාර්ය චන්දන ජයරත්න මහතා හා පසුව නාසා ආයතනය අමතන්නැයි ඒ මහතා හරේන්ද්‍රට යෝජනා කරන බව පවසයි. බොහෝ අවස්ථාවන්හි දී මෙන් සමහර මතකයන් මැකී යා හැකි බැවින් මෙය කලින් කළ යුතුව ඇති බව ඔහු සඳහන් කරයි

චව්ලා යනු කොලොම්බියා ව්‍යසනයෙන් මියගිය අභ්‍යවකාශ යානයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් හත් දෙනාගෙන් කෙනෙකි.
මෙම දරුවා පිළිබඳ තොරතුරු සොයාගිය හරින්ද්‍ර ජයලාල් ගෙනා වැඩසටහන මෙසේය.


මෙම දරුවා ටැබ් පරිගණකයක් ආධාරයෙන් බොහෝ දේ ඉගෙන ගෙන ඇති බවට ගයියා කොඩිතුවක්කුගේ යූටියුබ් නාලිකාව දක්වා තිබෙන්නේ පහත පරිදිය.