පෙරේදා‌ ‌(28)‌ ‌මහවැසි මැද කොළඹ ඩුප්ලිකේෂන් පාරේ ගොඩනැගිල්ලක් තුළ අවාසනාවන්ත මරණයක් වාර්තා විය.
එදින ඇදහැලුණ ‌ධාරානිපාත‌ ‌වර්ෂාව‌ ‌නිසා‌ ‌තවම ඉදිවෙමින් පවතින මෙම‌ ‌ගොඩනැඟිල්ල‌ ‌ජලයෙන්‌ ‌යටවී‌ ‌ඇති‌ ‌අතර‌  ‌බිම්‌ ‌මහලේ‌ ‌නිදාගෙන‌ ‌සිටි ඉදිකිරීම් සේවකයෙකු මෙසේ මරුමුවට පත්ව තිබුණි.
මහාමාර්ගයේ‌ ‌සිට‌ ‌ගලා‌ ‌ආ‌ ‌ජලයෙන්‌ ‌ගොඩනැඟිල්ලේ‌ ‌අත්තිවාරම් ‌කොටස‌ ‌
සම්පුර්ණයෙන්‌ ‌ජලයෙන්‌ ‌යටවී‌ ‌ගොස්‌ ‌තිබූ‌ ‌අතර‌ ‌බිම්‌ ‌මහලද‌ ‌අඩි‌ ‌තුනක‌ ‌පමණ‌ ‌ජලයෙන්‌ ‌පිරී‌ ‌ගොස්‌ ‌තිබේ.‌ ‌
මේ‌ ‌වන‌ ‌විට‌ ‌මෙම‌ ‌ගොඩනැඟිල්ලේ‌ ‌තට්ටු‌ ‌පහක්‌ ‌පමණ‌ ‌ ඉදිකර‌ ‌ඇතැයි‌ ‌සඳහන්‌ ‌වන‌ ‌අතර‌ මහල්‌ ‌නිවාස‌ ‌සංකීර්ණයක්‌ බව කියන එහි ‌තවත්‌ ‌මහල්‌ ‌කිහිපයක්‌ ‌ඉදිකිරීමට‌ ‌නියමිතව‌ ‌තිබිණි.‌ ‌
වැසිපතිත වන ‌අවස්ථාවේ‌ ‌බිම්‌ ‌මහලේ‌ ‌රැදී‌ ‌සිටි‌ ‌සේවකයින්‌ ‌පිරිසක්‌  ‌එතැනින්‌ ‌ඉවත්ව‌ ‌උඩුමහල‌ ‌වෙත‌ ‌දිවගොස්‌ දිවි බේරාගෙන තිබුණ නමුත් ඔවුන්ට තද නින්දේ සිටි මෙම සේවකයා අමතකව ගොසින් තිබුණි. නමුත් පසුව වැස්ස එන්න එන්නම වැඩිවෙද්දී ඔහු නැති අඩුව හඳුනාගන්නට ලැබී තිබේ.
තම සගයා මගහැරීම ගැන ඔවුන් පොලිසිය අමතා ඇත්තේ එම අවස්ථාවේය.
පොලිසිය පැමිණි පසු නිරීක්ෂණය වූයේ ගොඩනැගිල්ලේ පහළ කොටස ටැංකියක ආකාරයට ජලයෙන් පිරී ඉතිරී පවතින අයුරුය. පොලිසිය ගිනි නිවන හමුදාව කැඳවූ අතර ‌මෙම‌ ‌සේවකයා‌ ‌සොයා‌ ‌ගැනීමට‌ ‌පැය‌ ‌10ක‌ ‌පමණ‌ ‌මෙහෙයුමක්‌ ‌සිදුකළ‌ ‌බව‌ ‌කොළඹ‌ ‌නගර‌ ‌සභා‌ ‌ගිනි‌ ‌නිවන‌ ‌හමුදා‌ ‌ඒකකයේ‌ ‌අංශ‌ ‌භාර‌ ‌නිලධාරී‌ ‌යූ.‌ ‌ඩී.‌ ‌ආර්.‌ ‌කේ.‌ ‌ගුණසිංහ‌ ‌මහතා‌ ‌පසුව පවසා තිබේ.

ඒ‌ ‌සඳහා‌ ‌ගිනි‌ ‌නිවන‌ ‌රථ‌ ‌4ක්‌ ‌හා‌ ‌භටයන්‌ ‌20ක්‌ ‌පමණ‌ ‌එක්වූ‌ ‌බවද‌ ‌හෙතෙම‌ ‌සඳහන්‌ ‌කර තිබේ.‌ එතැනට‌ ‌පැමිණි‌ ‌ගිනි‌ ‌නිවන‌ ‌භටයන්‌ ‌අත්තිවාරම් ‌කොටසේ‌ ‌ජලය‌ ‌අඩු‌ ‌කොට‌ ‌ගිනි‌ ‌නිවන‌ ‌භටයන්‌ ‌දෙදෙනකු‌ ‌සමඟ‌ ‌
ගොඩනැගිල්ලේ‌ ‌සේවකයකුද‌ ‌ආරක්ෂිතව‌ ‌වතුරට‌ ‌බස්සවා‌ ‌නිදා‌ ‌සිටි‌යදී අතුරුදන්වූ ‌සේවකයා‌ ‌සොයා‌ ‌ඇත.‌ ‌එහෙත්‌ ‌එක්වරම ඔහුව හමුව නැති අතර සේවකයා‌ සොයාගෙන ඇත්තේ පාවී ගොස් සිරවී සිටි වෙනත් තැනකදීය.මෙම‌ ‌සේවකයා‌ ‌ගොඩට‌ ‌ගන්නා‌ ‌විටත්‌ මියගොස්‌ ‌සිටි‌ බව පැවසිණි.
මියගොස් තිබුනේ ‌වැලිමඩ‌ ‌ඌව‌ ‌පරණගම‌ ‌පදිංචිකරුවකු වන ‌54‌ ‌හැවිරිදි‌ ‌පුද්ගලයෙකි.
කොල්ලුපිටිය පොලිසිය පරීක්ෂණ සිදු කළේය.