
වරකාපොල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙන් කොරෝනා රෝගය ආසාදිත වූ පුද්ගලයන් 12 දෙනෙකු හඳුනා ගෙන තිබේ.
ඉන් ඵක් අයකු උඩුකුඹුර ඔත්නාපිටිය පදිංචි කෑගල්ලේ ධම්මික වෙදමහතාගෙන් පැණිය ලබාගෙන පානය කළ අයකු බවත් වරකාපොල මහජන සෞඛ්‍ය පරීක්ෂක හේමන්ත කුමාර තහවුරු කර තිබේ. 12 දෙනා අතුරින් ඔත්නාපිටියේ එක් අයකුද කෑගල්ලේ පැණිය පානය කර ඇති බව ඔහු පැවසීය.
අනෙක් රෝගීන් අතර තුල්හිරිය ඇගලූම් ආයතනයක තිදෙනකුද, තල්ලියද්දේ දෙදෙනකුද, නිවටුව එක් අයකුද, දුම්මලදෙණියේ එක් අයකුද, වේරගල දෙදෙනකුද, ඔත්නාපිටියේ තිදෙනකුද වන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා දන්වා සිටී.
මොවුන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවත්, පවුල්වල සෙසු පිරිස් නිරෝධායන කටයුතු සදහා යොදවා ඇති බවත් වාර්තාවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval