
මහරගම පමුණුව සුචරිතෝදය ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයකු හදිසියේ අසනීපව පෙරේදා 26 අලුයම කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබූ අතර එම මරණය සම්බන්ධයෙන් පී.සී.ආර්. පරික්ෂණ වාර්තාව ද ලබාගෙන කොරෝනා වයිරසය ආසාදිත වී නොමැති බව තහවුරුවී ඇත.
මාමණ්ඩියගේ මළගමට ගාල්ල ප්‍රදේශයේ සිට මහරගම පමුණුව ප්‍රදේශයට පැමිණි ලේලිය හදිසියේ අසනීප වී ඊයේ (27) මියගොස් ඇතැයි මහරගම පොලිසිය කියයි
ලේලිය හදිසියේ අසනීප වී නිවසේ ඇද වැටී ඇති අතර, ඒ සමඟම ඇය ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත රැගෙන
යන විටත් මිය ගොස් තිබී ඇත.
එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 46ක පමණ තැනැත්තියකි. පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට නියමිතව තිබිණි. පීසීආර් ප්‍රතිඵල තවම ලැබී නැත.
(බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ)
Comments
Post a Comment
Your comment will be visible after approval