
ප්‍රකට ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ අද (28) මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතයෙන් සමුගත්තේය. කලක් තිස්සේ දියවැඩියාව ඇතුළු රෝග කිහිපයකින් ඔහු පීඩා වින්දේය.
‘අවන්හලක ඉපදී මා මිය යනවා නම්’, 'මහ සයුරේ ගැඹුරු දියේ ගෙවන ජීවිතේ', දීග නොයන් රත්තරනේ, සමාව ඉල්ලා දෙපා සිඹින්නට ඇතුලු ජනප්‍රිය ගීත ගණනාවක්
කැලිප්සෝ කණ්ඩායමක ගී ගායනා කරමින් සිටි අවදියක ප්‍රවීණ ගායක ප්‍රියා සූරියසේන මුණගැසීමෙන් පසු ඔහුගේ අතහිත ලැබ ෂෙල්ටන් මුතුනමගේ ගායකයෙකු ලෙස කල එලී බැස්සේ 1980 දශකයේය.
උතුරු නැගෙනහිර යුද්ධය දැඩිව පැවති කාලවල එම කඳවුරුවල ගී ගයන්නට යාම නිසා ෂෙල්ටන් ප්‍රකට විය.
සංගීත සංදර්ශන වලට කලෙකදී ඔහු නැතිවම බැරි ගායකයෙකු විය.
කුරණ මීගමුවේ පිහිටි නිවසේ ෂෙල්ටන් වාසය කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval