
කෑගල්ලේ ශ්‍රී වීර මහා භද්‍රකාලී දේවාලයේ කපු මහතා වන ධම්මික බණ්ඩාර නැමැත්තා සොයාගත් බව කියන කොරෝනා මර්දන පැණියට තවමත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය හිමි වී නොමැති බව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.
ධම්මික බණ්ඩාර මහතාගේ පැණිය සූත්‍ර කමිටුවේ අනුමැතිය ලබාගැනීම සදහා ඉදිරිපත් කර ඇතත් වැඩිදුර පර්යේෂණ සදහා පමණක් අනුමැතිය ලබාදී ඇතත් එය ඖෂධයක් ලෙස භාවිතා කිරීමේ අනුමැතියක් තවමත් ලබාදී නොමැති බව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය සදහන් කරනවා.
ඔවුන් පවසන්නේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරියද මෙය සනාථ කල බවයි.
දේශීය වෛද්‍ය ක්‍රමය යටතේ නව ඖෂධයක් සොයාගත් විට ඒ සම්බන්ධයෙන් අනුමැතිය ලබාදීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් සූත්‍ර කමිටුවක් පිහිටුවා තිබෙනවා.
එම කමිටුවේ ප්‍රධානියා වන්නේ ආයුර්වේද කොමසාරිස්වරයායි.
ඔවුන් මාසයකට වරක් රැස්ව නව දේශීය ඖෂධ සම්බන්දයෙන් තීන්දු තීරණ රැගෙන ඒවා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් ප්‍රසිද්ධියට පත්කිරීමට කටයුතු කරනවා.
රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ ධම්මික බණ්ඩාර මහතාගේ පැණිය තවමත් ඖෂධයක් ලෙස හදුනාගෙන නොමැති නිසා එය ඖෂධයක් ලෙස දේශීය වෛද්‍යවරුන්ට නිර්දේශ කිරීමට හැකියාවක් නොමැති බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval