
දෑත් දෙපසට විහිදුවා තනි රෝදයෙන් යතුරුපැද පැද වූ තරුණයන් හය දෙනකු පිළියන්දල බෝකුන්දර වීරසිංහ මාවත ප්‍රෙද්ශයේදී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය කියයි. මාර්ගයේ ගමන් ගමන් ගන්නා
එම වැටලීම සිදු කිරීමට පෙර පොලිස් උපාය දූතයකු එම ප්‍රදේශයට පිටත්කර යැවූ ස්ථානාධිපතිවරයා තරුණයන් පිරිස ඒ ආකාරයෙන් යතුරු පැදි පදවන අයුරු ජංගම දුරකථනයෙන් වීඩියෝ දර්ශනය කිරීමට ද කටයුතු කළේය. අනතුරුව එම ප්‍රදේශ ආවරණය වන පරිදි රථවාහන අංශයේ නිලධාරීන් යෙදු ස්ථානාධිපතිවරයා එලෙස අනාරක්ෂිත අයුරින් යතුරු පැදි පැදවූ තරුණයන් පිරිස යතුරුපැදි සමඟ අත්අඩංගුවට ගැනීමට සමත් විය.
පොලිසිය භාරයට ගත් යතුරුපැදි පරික්ෂා කිරීමේ දී ඇතැම් යතුරුපැදිවල පිටුපසට රෝදයේ ඉහළින් සවිකර තිබෙන මඩ් ගාඩ් ද ගලවා තිබෙන අයුරු දැකගත හැකි වූ බවත් ඔවුන් එසේ කර ඇත්තේ තනි රෝදයෙන් ගමන් කිරීමේ පහසුව සඳහා බවත් එම තරුණයන් ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. අත්අඩංගුවට ගත් සැකකාර තරුණයන් පොලිස් ඇප මත මුදාහැර ඇත.
-බිමල් ශ්‍යාමන් ජයසිංහ-
Comments
Post a Comment
Your comment will be visible after approval