ඊයේ අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධි පාමුළට කොරෝනාවට එරෙහි පැණියක් පූජා කරන්නට අපේක්ෂාවෙන් එහි ගිය කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා තමන්ට ඉහළ මළුවට යාමට අවස්ථාවක් නොලැබීම ගැන එම විහාරාධිපති හා අටමස්ථානාධිපති පූජ්‍ය සිරිනිවාස හිමියන් වෙත සිය විරෝධය පළ කළ අයුරු මේ වනවිට  සැරිසරන වීඩියෝ මගින් කියැවේ.

කෙසේ වෙතත් එම ස්ථානයට යාමට පෙර ධම්මික වෙද මහතා ඊයේ උදේ ගමන් කර තිබුනේ මිහින්තලේ රජමහා විහාරයටය. එහි විහාරාධිපති හිමියන් ලෙස වැඩවසන පූජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරතන හිමියන් ධම්මික වෙදමහතා සාදරයෙන් පිළිගෙන තිබූ අතර හිමියන් වහන්සේ ආසන්නයේම අසුනක් පිරිනමා ඔහුගේ ගුණ වර්ණනා කරනු මාධ්‍ය වාර්තා තුළින් හඳුනාගන්නට ලැබේ. ඔහු ලෝකයටම යහපත් දෙයක් නිර්මාණය කර ඇති බව හැඟිම බව උන් වහන්සේ පෙන්වා දෙන ලදි. ඒ අතරම වෛද්‍ය සභාවේ අනුමැතිය ලබාගත යුතු බව තමන් වහන්සේ අපේක්ෂා කරන බවත් විස්මයට පත්කරමින් එය ජයග්‍රහණය කරන්නට ආශිර්වාද කරන බවත් උන් වහන්සේ දන්වා සිටියහ.