
කොරෝනා ආසාදන තත්ව වාර්තාවීම නිසා පසුගියදා ධම්මික පැණිය පිළිගැන්වූ කථානායක කාර්යාලයද වසා දැමීමට තීරණය කර තිබෙයි.කතානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුලු පිරිසක් නිරෝධායනයට යොමු කර ඇත.
කථානායකවරයාගේ පෙර ගමන් රථයේ පොලිස් රියැදුරුට සහ උප පොලිස් පරීක්ෂකවරයාට කොරෝනා වැලඳී හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබේ.
මෙම ආසාදිත උප පොලිස් පරීක්ෂකවරයා පාර්ලිමේන්තු තැපැල් කාර්යාලයටද ගොස් මුද්දර මිලට ගෙන ඇති බැවින් එම තැපැල් කාර්යාලයද වසා දමා ඇති අතර ඔහු ගමන් කළ පාර්ලිමේන්තු විදුලි සෝපානයේ විපක්ෂ නායක කාර්යාලයේ නිලධාරීන් කිහිපදෙනකුද ගමන් කර ඇති බව CCTV දර්ශන ඔස්සේ හඳුනාගෙන ඇති නිසා විපක්ෂ නායක කාර්යාලයද වසා දමන්නට සිදුව ඇත.
මේ හේතුවෙන් කථානායක කාර්යාලය, තැපැල් කාර්යාලය සහ විපක්ෂ නායක කාර්යාලයද ඇතුළුව පාර්ලිමේන්තුවේ අංශ කිහිපයක සේවය කරන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 25 දෙනෙකුගේ පමණ පී.සී.ආර්.PCR පරීක්ෂණ අද (31 ) සිදු කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු දන්වා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval