
වැඩි පිරිසකට ප්‍රතිකාර සඳහා පහසුකම් ලබාදිය හැකි රෝහල් ක්ෂණිකව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පවරාගෙන එම රෝහල් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස භාවිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය තීරණය කර තිබේ.
සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් මර්දන කාර්ය සාධක ක්‍රියාකාරි සමාලෝචන කමිටුව අද(16) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී රැස්වු අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ.
දැනට පවතින තත්ත්වය අනුව දෛනිකව කොවිඩ් ආසාදිත රෝගීන් 500ත් 600ත් අතර සංඛ්‍යාවක් හඳුනාගැනීම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.
ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වෙන් කිරීමට සහ අමතර ප්‍රතිපාදන ලෝක බැංකුව හෝ ආසියානු සංවර්ධන බැංකු අරමුදල් වලින් ලබා ගැනීම පිලිබඳවත් සාකච්ඡා කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval