අහංගම මහා විහාර පාරේ නිවසකදී ඊයේ (16) උදෑසන හදිසියේ මිය ගිය අයකුට පී.සී.ආර්. පරික්ෂණයක් සිදුකර මරණ පරික්‍ෂණය පැවැත්වීමට අහංගම මහජන සෞඛ්‍ය පරික්ෂක අසංක ගයාන් මහතා කටයුතු යොදා තිබුණි.
 

සති පොළවල වෙළෙඳාම් කරමින් සිටි 58 හැවිරිදි මිය ගිය අයට බරපතළ අසනීප කිසිවක් නොතිබූ බවත් ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බවට ඥාතීන්ට සැකයක් ඇති බැවින් මිය ගිය පුද්ගලයා වෙනුවෙන් පී.සී.ආර්. පරික්ෂණයක් සහ මරණ පරික්‍ෂණය ද පැවැත්වීමට නියමිතව තිබුණි.

මිය ගිය අය අවිවාහකයකු වන අතර මොහු තම අවිවාහක අක්කා සමග සති පොළවල වෙළෙඳාම් කර ඇති බව ද වාර්තා වේ.
- සුමතිපාල දියගහගේ -