මුලතිව් විශ්වමඩු ඉලංකෝපුරම් ප්‍රදේශයේ පිහිටි කුඹුරු යායක තිබී පුද්ගල මළසිරුරක් පෙරේදා (11දා) හමුවූ බව පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ, ඉලංකෝපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි තිදරු පියෙකු වූ මාරිමුත්තු සුධාකරන් (අවු.41) නමැත්තෙකි.
අදාළ මළසිරුර කුඹුරට ගිය තවත් ගොවියෙකු දැක ඒ බව පුදුකුඩිඉරිප්පු පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලිසිය විසින් අදාළ ස්ථානයට ගොස් මළසිරුර සොයාගෙන තිබේ.
මරණකරු පෙර දින රාත්‍රියේ කුඹුරට ගොස් ඇති අතර, මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
- මධුෂංඛ අමරසිංහ -

Comments
Post a Comment
Your comment will be visible after approval