මේ සමග පළවන වීඩියෝවේ දැක්වෙන්නේ ඊයේ උදෑසන 11 ට පමණ හබරාදුව දොරපේ ප්‍රදේශයේ සිදුවූ මාර්ග අනතුරකින් පසුව දර්ශනයි.බෝගහගොඩ කබරගල මාර්ගයේ තම දරු දෙන්නාද සමගින් ස්කූටරයක් පදවාගෙන ගිය 31 හැවිරිදි කාන්තාවක මෙහිදී අනතුරට ලක්ව තිබුණි.
ඇය ගේ ස්කූටරය මුහුණට මුහුණ හප්පන්නේ කුඩා ලොරි රථයකි. ලොරියේ වින්ඩ්ස්ක්‍රීනයද මෙහිදී බිඳී යයි. අනතුරින් ඇගේ දරුවන් දෙන්නා විසිවී ගොස් තුවාල ලබන අතර

ඇගේ පාදයක්ද බරපතල ලෙස තුවාල වෙයි. සිදුවීම අවස්ථාවේ අවට සිටි ගම්වාසීන් රැස්වී  ඇයට උදව් කරන අතර ඇගේ පාදය වෙළුම් පටිවලින් ඔතා අධිකව වහනය වන රුධිරය නවතාලන්නට වෙර වෑයම් දරන අතර ගිලන් රථයක් ගෙන්වා ඇයව රෝහල් ගත කිරීමට පියවර ගනී.
 

මෙම වීඩියෝවේ දැක්වෙන්නේ පිරිස වටකරගෙන ඇයට ප්‍රතිකාර ලබාදෙන ආකාරයයි. එම අවස්ථාවේ ඇය වේදනාවෙන් සිටින ආකාරය හා පිරිස ඇය අස්වසාලන ආකාරය පෙන්වයි. ඇගේ තුවාල රෝහලේදී සුවවනු ඇතැයි බොහෝ අය සිතූ නමුත් පසුව වාර්තාවන්නේ ඇය රෝහලේදී මියගිය බවයි.
 

අධික ලෙස රුධිර වහනය මරණයට හේතුවිය. මෙලෙස මිගගොස් ඇත්තේ කොටලදෙණිය පින්නදූව ප්‍රදේශයේ පදිංචිව සිටි 31 වියැති දෙදරු මවකි. ඇය සමග අනතුරට ලක්වුණ දියණිය හා පුතු තවම රෝහල්ගතව සිටිති. හබරාදුව පොලිසිය මගින් ලොරිය පැදවූ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් පරීක්ෂණ සිදුවේ.
 

අනතුරින් පසු කාන්තාව රෝහලට පිටත් කළ අවස්ථාවේ වීඩියෝ දර්ශන පහතින්

Video Courtesy - රුහුණේ රාවය