
කොරෝනා වසංගතය හේතුවෙන් මේ දිනවල පාසල් හා අමතර පන්ති (ටියුෂන්) නොපැවැත්වුණත් එම සේවා වෙනුවෙන් දරුවන්ගෙන් වෙනදා අය කළ මුදල ගෙවීමට සිදුව ඇතැයි මව්පියෝ පවසති. විශේෂයෙන් පාසල් වෑන් රථවල එකදු දවසක් හෝ නොයාත් දරුවන් වෙනුවෙන් මාසයකට
කොවිඩ් වසංගතය හමුවේ ඇතැම් මව්පියන්ට ආදායම් මාර්ග පවා අහිමි වී තිබියදීත් ඔවුන් දරුවන්ට අන්තර්ජාල පහසුකම් පවා සපුරා දෙන්නේ අසීරුතා මධ්‍යයේ බව ඔවුහු සඳහන් කරති. ඇතැම් පවුලට දරුවන්ගේ දුරස්ථ අධ්‍යපන කටයුතු වෙනුවෙන්ම ආර්ථික අපහසුතා මධ්‍යයේ වුවත් නවීන පන්නයේ ජංගම දුරකථන පවා මිලදී ගන්නට සිදුව ඇතැයි පවසන ඔවුහු එවන් තත්වයක් යටතේ සම්පුර්ණ ගාස්තු අයකිරිම අසාධාරණයක් බව ද පවසති.
-ඩයනා උදයංගනී-
Comments
Post a Comment
Your comment will be visible after approval