පූගොඩ, කනම්පැල්ල පාලම අසල වැලිතොටුපළ ආසන්නයේ තිබූ පුද්ගල මළසිරුරක් පෙරේදා (11දා) රාත්‍රියේ සොයා ගත් බව පූගොඩ පොලිසිය පවසයි.
පැපිලිවල,
කනම්පැල්ල පාලම අසල පුද්ගලයෙකු වැටී සිටින බවට ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් අනුව එම ස්ථානයට ගිය පූගොඩ පොලිසියේ නිලධාරී පිරිසක් ඔහු දොම්පේ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු යොදා තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ ඔහු මියගොස් සිට ඇති බවයි.
පසුව පොලීසිය සිදු කරනු ලැබූ විමර්ෂනයකදී එම පුද්ගලයා නළලේ වූ තුවාලයකට දොම්පේ රෝහලෙන් ප්‍රතිකාර ලබා ආපසු සිය නිවස බලා යන විට අතරමගදී මෙලෙස වැටී මියගොස් ඇති බව පොලීසිය පවසයි.
මිය ගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු හා PCR පරික්ෂණය සදහා සිරුර වතුපිටිවල රෝහලට යොමු කර ඇත. පූගොඩ පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
- ප්‍රසංග පෙරේරා -

Comments
Post a Comment
Your comment will be visible after approval