කොරෝනා අවදානම මැද CCTV කැමරා පද්ධතියක්ද භාවිත කරගනිමින් ගාල්ල, කලේගානේ සපුමල්
පෙදෙසේ පිහිටි සුඛෝපභෝගී නිවෙසක් තුළ සිවිලිමේ කසිප්පු ගබඩා කර කසිප්පු ජාවාරමක යෙදුණු කසිප්පු
තිප්පළක් වටලා එහි ජාවාරම්කරු සමඟ සිවිලිමේ සඟවා තිබූ කසිප්පු මිලිලීටර් 30,000ක් සහිත කසිප්පු
බෝතල් තොගයක් පෙරේදා (11දා) පස්වරුවේ ගාල්ල වෑකුණුගොඩ කොට්ඨාස ළමා හා කාන්තා
කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොරෝනා සමයේ බෙදාහැරීම හිඟතාවයක් පවතින නිසා 'ඔෆර් එකක්' යයි පවසමින් මෙම මත්පැන් අලෙවි කර ඇති අතර
කොරෝනා සමය තුළ කසිප්පු ජාවාරම්කරු සිය ගෝලයන් යොදාගනිමින් ඔවුන් හරහා ජයටම කසිප්පු ජාවාරම
සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ගාල්ල පොලිසියේ වෑකුණුගොඩ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස්
පරීක්ෂිකා වරුණී බෝගහවත්ත, පො.සැ. විමල් ශාන්ත (32832), ප්‍රියන්ත (54511), පො.කො. සංජීව
සම්පත් කුමාර (15521) යන නිලධාරීන් වැටලීම සිදුකළ අතර වැඩිදුර විමර්ශනවලින් අනතුරුව සැකකරු
ගාල්ල පොලිස් මූලස්ථානයට භාරදීමට නියමිතව තිබිණි.
ගාල්ල - කමල් විජේහේවා
Comments
Post a Comment
Your comment will be visible after approval