6.00pm Update

 අරලියගහ මන්දිරය වසා ඇතැයි පැතිරෙන ආරංචි සාවද්‍යයි - අගමැති කාර්යාලය

Read HERE

11.55am
කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය සතියේදී අගමැති කාර්යාලය පිහිටි අරලියගහ මන්දිරය වසා දමන්නට සිදුව ඇති බව අද (22) ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.



එම වාර්තාවේ දැක්වෙන ආකාරයට නැවත දැනුම් දෙන තුරු වැඩ සඳහා වාර්තා නොකරන ලෙස එහි කාර්ය මණ්ඩලයට පවසා ඇත. පොලිස් කොමාන්ඩෝ අංශයේ විශේෂ කාර්ය සාධක බලකායේ (එස්.ටී.එෆ්) රාජකාරියේ යෙදී සිටි ඇතැම් පුද්ගලයින් කොවිඩ් -19 ට ධනාත්මකවීම නිසා මෙම පියවර ගෙන තිබෙන බව එහි දැක්වේ.
කැපී පෙනෙන කැපකිරීම් කරමින් මහජනයා සමග ගැවසුණ නිලධාරීන් මේ වනවිට දුෂ්කර තත්වයට පත්ව ඇති බව වාර්තාවේ දැක්වේ.