කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිය දී කොළඹ IDH රෝහලෙන් පළාගිය 25 හැවිරිදි රුවනි නිසංසලා සොයාගන්නට අපහසුවීම නිසා ඇහැළියගොඩ ප්‍රදේශය පසුගිය දිනවල කැළඹීමෙන් පැවතිණි.
දින කිහිපයක් විවිධ ආකාරයට සොයා බැලුවත් ඇය හමුවුනේ නැත.
ඊයේ සවස ඇය ඇහැළියගොඩ එක්තරා නිවසක
කුස්සියක සැඟවී සිටි ආකාරය අසල්වැසියෙකු දැකීමෙන් පසුව පොලිසියට ඔත්තුව ලබාදී ඇය අල්ලන්නට කණ්ඩායම් පැමිණියේ ඊයේ රාත්‍රියේය.

එම අවස්ථාවේ ඇය කැලෑවට පැනනැවත පළායන්නට උත්සහයක නිරත වුවත් එය ව්‍යර්ථ විය.
'අනේ මට ගහන් නැත්තං එළියට එන්නම්' ආදී ලෙස පවසමින් ඇය පසුව එළියට පැමිණි අතර ඇයට ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් පළඳවා ගිලන් රථයකින් රැගෙන යන්නට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරන ලදි. මෙම අවස්ථාවේ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එම ස්ථානයට රොක්වී සිටිනු වාර්තා විය.
 කාන්තාව සොයා ගැනීම සඳහා ජනතාවගෙන් ලද සහයෝගය පොලිසිය අගය කරන ලදි
 වයස අවුරුදු දෙකහාමාරක් පමණ වයසැති ඇගේ දරුවා මේ වනවිට ආයුර්වේද රෝහලේ කොරෝනා ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඊයේ අල්ලාගත් මෙම කාන්තාව පොළොන්නරුව ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රැගෙන යන ලදි. ඇය ආගිය තැන් ගැන පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතය.

ඇයව අල්ලාගත් අවස්ථාව දැක්වෙන රූපවාහිනී වීඩියෝ වාර්තාව පහතින්