
කොරෝනා හමුවේ බස්නාහිර පළාත තවදුරටත් අවදානම් බව
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ, පළාතෙන් පිටත සංචරණ සීමා ලිහිල් කිරීම සහ ඉදිරි ක්‍රියාමාර්ග අද සහ හෙට දෙදින කේන්ද්‍ර කරගනිමින් සිදු කරන අධ්‍යනයෙන් පසු තීරණය කරන බවයි.
මින් ඉහත ප්‍රකාශ කර තිබුනේ 15 වන ඉරිදා මධ්‍යම රාත්‍රියෙන් පසු දැනට නවතා දමා තිබෙන බස්නාහිර පලාතෙන් පිටත සංචරණයට අවසර ලබාදෙන බවකි.
කෙසේ වෙතත් දිනෙන් දින කොරෝනා මරණ වාර්තාවීම ඉහළයාමත් ආසාදිතයින් වාර්තාවන සංඛ්‍යාවේ වෙනසක් නොවීමත් මත බස්නාහිර පළාතේ ස්තාන ගණනාවක් තවමත් රතු අවදානම් කලාප ලෙස නම් තර තිබේ.
ඒ අනුව බස්නාහිර පළාතෙන් පිටතට යාමේ අවසරය ලබාදිම ගැන හෙට දිනයේ සවස තීරණය දැනුම් දෙනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval