කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වී මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින ගම්පහ නාගරික මන්ත්‍රීවරයාගේ පවුලේ සිව් දෙනෙකුටද රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව වාර්තා වේ.
මන්ත්‍රීවරයාගේ බිරිද, වයස අවුරුදු තුනක දරුවා සහ ඥාතීන් දෙදෙනෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇති බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා සදහන් කරයි.
රෝගය ආසාදනය වී ඇති මන්ත්‍රීවරයා ඇසුරු කළ නාගරික මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඇතුළු ගම්පහ, විශාඛා පාර ප්‍රදේශයේ ආශ්‍රිතයින් 160 දෙනෙකු පමණ පෙරේදා(12) දිනයේ පී.සී.ආර්. පරීක්ෂණය සඳහා යොමු කළ බවත් එම පිරිස අතුරින් මන්ත්‍රීවරයාගේ පවුලේ සාමාජිකයන් හැර අන් කිසිවෙකුටත් රෝගය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval