හංවැල්ල පොලිස් වසමේ පහත්ගම 18 හැවිරිදි තරුණයකුට කොළඹ ජාතික රෝහලේදී සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයකින් කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමෙන් පසු ඔහුගේ පවුලේ තිදෙනකු ඇතුළු
මෙම තරුණයා රෝහල් ගතවීමට ප්‍රථම පසුගිය දිනවලදී ඔහුගේ අවට නිවෙස්වල යහළුවන් සමග විනෝද වෙමින් සෙල්ලම් කර ඇති බවට තහවුරු කර ගැනීම නිසා ඔහු සබඳකම් පැවැත්වූ පවුල් 08ක්ද ඔහුගේ නිවෙස්වල තිදෙනා ද සමග 33 දෙනකු ඔවුන්ගේ නිවෙස්වල නිරෝධායනයට ලක්කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය. හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ජගත් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මහජන සෞඛ්‍ය පරික්ෂකවරු වැඩිදුර පරික්ෂණ පවත්වති.
-නිහාල් වෙත්තසිංහ-

Comments
Post a Comment
Your comment will be visible after approval