සල්මන් ඛාන්ගේ රියදුරු සහ ඔහුගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු විසින් කොවිඩ් 19 පරීක්‍ෂාවක් සිදුකර බැලීමෙන් අනතුරුව කොරෝනා වෛරසය සඳහා ඔවුන් ධනාත්මක බව අනාවරණය වී තිබේ.


මේ හේතුවෙන් බොලිවුඩ් නළු සල්මාන් ඛාන්ද ස්වයං නිරෝධායනයට ලක්වී ඇත. එමෙන්ම ඔහුගේ කාර්ය මණ්ඩලය තුළ COVID-19 ආසාදිත යැයි හඳුනාගත් පුද්ගලයන්  මුම්බායි රෝහලක ප්‍රතිකාර ලබයි.

වාර්තා වන අන්දමට, සල්මන් විසින් මෙය පැතිරීම වැළැක්වීම සඳහා ඔහුගේ පවුලේ අය සමඟම ඉදිරි දින 14  නිරෝධායනය වීමට තීරණය කර ඇත. කෙසේවුවද COVID-19 රෝග විනිශ්චය පිළිබඳව දැනගත් වහාම නළුවා සිය කාර්ය මණ්ඩලය වෙත වෛද්‍ය ආධාර ලබා දී ඇති බව ද වාර්තා වීමත් සමඟ බොහෝ දෙනා ඒ සම්බන්ධයෙන් ඔහුව අගය කොට තිබේ.

මේ  දිනවල තරමක් කාර්යබහුලව සිටි සල්මන් ඛාන් මෑතකදී Radhe–Your Most Wanted Bhai චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් කරනු ලැබීය. මාස හතකට පමණ පසු ඔක්තෝම්බර් මාසයේදී රූගත කිරීම් නැවත ආරම්භ වීමත් සමඟ ප්‍රභූ දේවා විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය සඳහා දීෂා පටානි, ජැකී ෂ්රොෆ් සහ රන්දීප් හූඩා ද සිය රංගනයෙන් දායක විය.

මහේෂ් මංජ්‍රෙකර් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන ANTIM චිත්‍රපටයේ ද සල්මාන් ඛාන් ළඟදීම රූගත කිරීම් ආරම්භ කරනු ඇති අතර ආයුෂ් ෂර්මා ද ඊට දායක වීමට නියමිතය. මීට අමතරව Kabhi Eid Kabhi Diwali රූගත කිරීම් සම්බන්ධයෙන් වන වැඩකටයුතු සඳහා ද මොවුන් මේ  දිනවල සූදානමින් සිටියි.

-(රිස්මි ඉෂාරා)