අම්බලන්තොට, රිදියගම සෆාරි උද්‍යානයේදී සිංහ ධේනුවක විසින් සිංහ පැටවුන් තිදෙනකු බිහිකරනු ලැබ ඇතැයි රිදියගම සෆාරි උද්‍යානයේ සහකාර අධ්‍යක්ෂ කසුන් හේමන්ත සමරසේකර මහතා පැවසීය. ජර්මන් සත්ත්ව උද්‍යානයකින් සතුන් හුවමාරු ක්‍රමය යටතේ රිදියගම සෆාරි උද්‍යානයට හිමි වූ අප්‍රිකානු වර්ගයේ ‘ෂිනා' නම් වයස අවුරුදු හතක් වයසැති සිංහ ධේනුවට සහ චීනයේ සිට ගෙනා සුලා' නම් නව සිංහයකුට දාව මෙම
පැටවුන් තිදෙනා උපත ලබා තිබිණි. ඉකුත් 17 වැනිදා පස්වරු 4.30ට පළමු සිංහ පැටවාද පස්වරු. 4.30ත් 5.00 අතර දෙවැනි සිංහ පැටවාද බිහි වී ඇති අතර 18 වැනිදා අලුයම 3.00ට පමණ තුන්වැනි පැටවා බිහි කළ බව කසුන් හේමන්ත මහතා පැවසීය. මෙම සිංහ ධේනුව පසුගිය 2017 වර්ෂයේදී ද සිංහ පැටවුන් සිවු දෙනකු රිදියගම සෆාරි උද්‍යානයේදී බිහි කර ඇත.
අලුත උපත ලැබූ සිංහ පැටවුන් තිදෙනා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන අතර සිංහ ධේනුව සහ පැටවුන් තිදෙනා රංචුවෙන් ඈත් කර ආරක්ෂිතව වෙනම කුටියක රඳවා සිටින බවද වසරක පමණ කාලයකට පසුව පැටවුන් සිංහ රංචුවට හුරු කිරීම සිදුකරන බවද සහකාර අධ්‍යක්ෂ හේමන්ත සමරසේකර මහතා කීය. අලුත උපන් පැටවුන් තිදෙනාද සමග මේ වන විට රිදියගම සෆාරි උද්‍යානයේ සිංහයන් 14ක් වාසය කරන බව ද සමරසේකර මහතා පැවසීය.

Comments
Post a Comment
Your comment will be visible after approval