නැවත දැනුම් දෙන තුරු සියලු බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබේ.


බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසුවේ, සියලු නිලධාරීන් හෙට උදෑසන 8.00 ට පෙර තම සේවා ස්ථානයට වාර්තා කළ යුතු බවයි.

මේ අතර බන්ධනාගාර ආශ්‍රිතව වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 400 කට ආසන්න බව ද ඔහු ප්‍රකාශ කළේ ය.